රජය විසින් නියම කෙරුණු පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් සොයා රටපුරා අද සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

පවතින තත්ත්වය අවභාවිත කරමින් ඇතැම් වෙලෙදුන් කූඨ ලෙස කටයුතු කරන බවට ප‍්‍රදේශ ගණනාවකින් පැමිණිලි ලැබී තිිබෙනවා. එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ද කඩිනමින් සොයා බලමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

ඒ අනුව රට පුරා ඇඳිරි නීතිය පනවා තිබියදීත් සිය වැටලීම් සිදු කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ආහාර සහ වෙනත් ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙන්ම ප‍්‍රමිතියෙන් බාල ද්‍රව්‍ය අලෙවි කිරීම වළක්වා ලීම සඳහාද වැටලිම් සිදු කෙරෙණ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සහල් සඳහා උපරිම මිලක් නියම කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. ඊට අනුව කීරී සම්බා කිලෝ ග්රැම් 01ක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 125ක්. 

තම්බන ලද සුදු හෝ රතු සම්බා සහ සුුදු හෝ රතු කැකුළු සම්බා සඳහා කිලෝ ග්රැම් 01ක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 90ක් වනවා. 

සුදු හෝ රතු තම්බන ලද නාඩු සහල් කිලෝ ග්රැම් 01ක උපරිම මිලද රුපියල් 90ක්. සුදු හෝ රතු කැකුළු සහල් කිලෝ ග්රැම් 01ක උපරිම මිල රුපියල් 85ක් වනවා.