ගෙවතු වගාව සඳහා මේ වන රටපුරාම ඉහල උනන්දුවක් ඇති වී තිබෙනවා. 

නව කොරෝනා අභියෝගය සහ ඇති විය හැකි ඉදිරි අභියෝගද ජය ගැනීම සඳහා රටට දිරි දීමට නෙත් එෆ් එම් රේඩියෝව සහ අපි ජාතික බලවේගය ආරම්භ කළ ශී‍්‍ර ලාංකේය විශ්වකර්ම පෙළහරේදීද යෝජනා කෙරුණේ ඇති දේ බෙදා ගැනීමට සහ හැකි සියලූ දේ ගෙවත්තේම වගා  කිරීමටයි. 

ඒ අනුව ගෙවතුවගාව සඳහා ඇති වූ උනන්දුව සැලකිල්ලට ගෙන බීජ සහ පැල නිවෙස්වලටම ලබා දීමේ වැඩපිළිවලක්ද රජය විසින් ආරම්භ කෙරුණා. අපේක්ෂා කලාටත් වඩා වැඩි ඉල්ලූම්ක් බීජ සහ පැල වලට එහිදී ලැබුණු බවයි රජය පවසන්නේ. 

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කෘෂිකර්ම, ග‍්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසූවේ ඉල්ලූම සම්පූරණ කළ හැකි වන පරිදි තවත් බීජ සහ පැල නිපදවීම මේ වන විට ආරම්භ කර ඇති බවය.

බීජ සහ පැල ලබා දීමට මෙන්ම ගෙවතු වගාව සඳහා උපදෙස් ලබා දීමට රජය කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

1920 ක්ෂණීක ඇමතුම් අංකය ඇමතීමෙන් ගෙවතු වගාව සදහා එලෙස උපදෙස් ලබාගත හැකියි.