නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

සැක කටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 260 ක් සහ අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56ක් මෙලෙස නාවික හමුදාව විසින් සොයා ගත් බවයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ.

මෙලෙස සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3270ක් පමණ වනවා.