නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දිවා රෑ නොබලා සේවය කරන සෞඛ්‍ය සේවකයින් ඇගයීම සඳහා බි‍්‍රතාන්‍ය රජය මගින් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ක්ලැප් ෆො කෙයාරස් නමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටයි බි‍්‍රතාන්‍ය රජය පියවර ගෙන තිබුණේ.

ඊයේ (09) දිනයේ රාතී‍්‍ර 08.00 ට බි‍්‍රතාන්‍ය ජනතාවට සිය නිවෙස්වල ඉදිරිපස දොරටු අසළට සහ සඳළුතලවලට පැමිණ බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් අත්පොළසන් ලබා දෙමින් ඔවුන් වෙනුවෙන් පී‍්‍රතිඝෝෂා නැගීම ද සිදු කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කළා.

මහජනතාව සෞඛ්‍ය සේවකයින් අගය කිරීමේ වැකි ඇතුළත් පුවරු ද නිර්මාණය කර ඒවා ද සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශනය කර තිබුණා.

සෞඛ්‍ය සේවකයින් දිරි ගැන්වීම, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බි‍්‍රතාන්‍යයේ වසා දමා ඇති ප‍්‍රදේශවල වෙසෙන පුද්ගලයින්ගේ මානසික පීඩනය අවම කිරීම සහ මහජනතාව අතර එකමුතුකම වැඩි කිරීම මෙහි අරමුණ බවයි බි‍්‍රතාන්‍ය රජය පවසන්නේ.

ඊයේ රාති‍්‍රයේ බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එරට විදේශ ලේකම් ඩොමිනික් රාබ් ප‍්‍රකාශ කළේ, මෙම අසීරු අවස්ථාවේ සිය දිවි පරදුවට තබා සේවය කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ස්තුතිවන්ත වන බවයි. කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන අතරතුර කොරෝනා වෛරසය ආසාදිතව මියගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කැප කිරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය ණයගැති වන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර ලොව පුරා නව කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට දහසය ලක්ෂ 3,048 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 95,714 ක්.

ඉකුත් පැය 24 දී පමණක් ඇමරිකාවෙන් කොරෝනා මරණ 1,900ක් වාර්තා වුණා. එම කාලය තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයින් ගණන 33,536 ක්.