2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ පරිගණකගත කළ ප‍්‍රතිඵල, කමිටු තුනක් හරහා මේ වනවිට නැවත පරීක්ෂා කරන බවයි.

එම කි‍්‍රයාවලිය අවසන් වූ පසු ප‍්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

රට තුළ පවතින තත්ත්වය හමුවේ දෛනිකව කාර්ය මණ්ඩලයේ 15 ක පමණ පිරිසක් යොදා ගෙන එම කටයුතු  සිදුකරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ඒ අනුව දැනට සැලසුම් කර ඇත්තේ මෙම මස 30 වැනිදාට පෙර ප‍්‍රතිඵල නිකුත්  කිරීමටයි. 

ඉකුත් දෙසැම්බර් මස පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂකයන් හත්ලක්ෂ 17,000 ක් සුදුසුකම් ලබා සිටියා.