මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන සෑම පුද්ගලයෙකුම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලෙන PCR පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඇඳිරි නීති බලපත‍්‍ර අවභාවිත කරමින් දිස්ති‍්‍රක්ක අතර ගමන් කිරීමට උත්සාහ දරන පුද්ගලයින් අද (10) සිට දින 14 ක අනිවාර්ය නිරෝධායනයකට යොමු කිරීමට ගෙන ඇති තීරණය කි‍්‍රයාත්මක කරන ආකාරය පිළිබඳව ද යුධ හමුදාපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.