මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා පැවසුවේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කළ බවයි.

ශී‍්‍ර ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව දෙරටේ මුහුදු තීරයන් දැඩි පරීක්ෂාවකට ලක් කරන බව ද නාවික හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

ඒ සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බවයි නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ ඉඩකඩක් පවතින බැවින් මෙම කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා.