කිසිවිටකත් රට සම්පුර්ණයෙන් වසා දැමිමට ආණ්ඩුව තීරණයකර නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ ඊයේ(08) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුපක්ෂයේ පක්ෂ නායක රැස්විමක් සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දි පැවැත් වුණි.

ඒ  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.