නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මෙරට වෙරළ තීර හා ගංගා මෝයවල් ආශ‍්‍රිත තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමට අද (09) සිට සමීක්ෂණයක් සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ පවතින තත්ත්වය සමග මෙරට වෙරළ ප‍්‍රදේශවල පරිසර දූෂණය අවම වී ඇද්ද යන්න සොයා බැලීම සඳහා එම සමීක්ෂණය සිදු කරන බවයි.