මධ්‍ය හා සුළු පරිමාණ ඇඟළුම්කරුවන්ගේ සංගමය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අත්‍යාවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

එමෙන්ම රුවන්වැල්ල ප්‍රෙද්ශයේ ආබාධිත දරුවන් තිදෙනෙකු සඳහා අවශ්‍ය රෝද පුටු සහ එම පවුල්වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමටද එහිදී කටයුතු කර තිබුණි.

ශ්‍රි ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුගති ස්වාමින් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය නම් මාධ්‍ය ආයතන සඳහාද  ආරක්ෂිත ඇඳුම් ලබාදීමට කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

මේ අතර ශ්‍රි ලංකා දෘෂ්ටි විශේෂඥ සංගමය විසින් මුල්ලේරියා රෝහලට අවශ්‍ය රෝහල් උපකරණ ලබාදීමට පසුගියදා කටයුතු කර තිබුණි.