මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර  ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු  තානාපති  උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
 
එම මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද  නියම කළේය.
 
උදයංග වීරතුංග මහතා අද අධිකරණයේ පෙනී නොසිටියේය . ඔහු මේ වන විට  අසනීප තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබයි.