ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමරිකාවේ සීග්‍රයෙන් වසංගතය ව්‍යාප්ත වන අතර ඉතාලියේ හා ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව ඉහල ගොස් තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාව සිදුව ඇත්තෙත් ඉතාලියේ වන අතර එය 13 915ක් දක්වා ඉහල ගොස් ඇත.


මෙතෙක් වාර්තා වූ ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර එය 244 646කි.
වයිරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 10 348කි.