ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ලබාදීමේ වැඩපිළිවෙළක් කොළඹ සහ ඒ අවට ප‍්‍රදේශ ආශි‍්‍රතව අද (29) සිට කි‍්‍රයාත්මකයි.

රාජ්‍ය ඔසුසැල් සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඒකාබද්ධව මෙය සිදු කරනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියේ රජයේ ඔසුසැළ සිය පාර්ශ්වය වෙත භාර දෙන ඖෂධ අද දවසේදී කොළඹ නගරය සහ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත බෙදා හැරීමේ කටයුතු සඳහා බාධාවක් නොමැති බවයි.

හෙට (30) සිට දිවයින පුරා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව හරහා සෙසු ප‍්‍රදේශවලට ද ඖෂධ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඒ සඳහා අදාළ ප‍්‍රදේශවල ස්ථාපිත ඔසුසැල්වල දුරකථන වෙත ඖෂධ වට්ටෝරු ලිපිනය ද සහිතව වට්ස්ඇප් හරහා යොමු කිරීමෙන් මෙම සේවාව ලබාගත හැකි බව ද තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළා.