නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කුටියක් හදුන්වාදී තිබේ. 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේඋපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවිකයින් පිරිසක්විසින් විෂබීජ හරණය සිදු කළ හැකි මෙම කුටිය නිර්මාණය කර ඇති අතර මෙමගින් එකවර මුළුශරිරයම විෂබීජ හරණය සිදු කිරිමේ හැකියාව පවතින බවයි නාවික හමුදාව පවසන්නේ. 

නාවික හමුදාව මේ වන මහජනතාව ගැවෙසෙන පොදු ස්ථාන මෙන්මපෞද්ගලික ආයතන පරිශ්‍රයන් ද කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකකර තිබේ. 

ඒ අනුව එම රාජකාරිවල නිරතව සිට නැවත කඳවුරු වෙතපැමිණිමේදී අදාල විෂබීජ හරණ කුටිය හරහා ඔවුන් විෂබීජ හරණය කිරිමෙන් සෞඛ්‍ය ආරක්ෂිතවටපිටාවක් නාවික හමුදා කඳවුරු තුළ පවත්වා ගැනිමට හැකියාව ලැබෙන බවයි නාවික හමුදාවපෙන්වා දෙන්නේ.