නීති විරෝධි මත්පැන් විකුණු සැකකාරියක් අඟුලාන පොලිස් වසමේ තෙලවල, ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(25) දහවල් 12.10ට පමණ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක නිති විරෝධි මත්පැන් විකුණන බවට අඟුලාන පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේත

පසුව පොලීසිය විසින් මත්පැන් මිලි ලීටර් 85000 ක්, රජයේ අරක්කු බෝතල් 4ක් හා බීයර් ටින් 15 ක් සමඟ මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 71 ක් වු තෙලවල, ‍ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද(26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අඟුලාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.