ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට සහන සැලසීම සඳහා පිහිටවූ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ උද්ගතව ඇති තත්ත්වය වැළැක්වීම සඳහා රජය ගෙන ඇති වැඩපිලිවෙල සිය සංගමය අගය කරන බවයි.

ඒ අනුව සිය නියෝජිතයින් සමග එකඟතාවකට පැමිණීමෙන් පසු එම මුදල පරිත්‍යාග කිරීමට ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂක අරමුදල මගින් ජනතාව වෙත අත්‍යාවශ්‍ය සහන සැලසීම සඳහා කොළඹ, ගම්පහ, කලූතර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ති‍්‍රක්කවල ලේකම්වරු වෙත රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදලක් ලබා දීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය පැවසුවේ.