කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේද ව්‍යාප්තවීම හේතුවෙන් එරට සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් පිළිබද මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සදහන් කළේ එම ගුවන් මගීන් ගුවන් තොටුපොලේදී විශේෂ පරීක්‍ෂාවකටද ලක් කෙරෙන බවයි.

මේ වනවිට රටවල් 48 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 2,771 ක්.

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් කොරෝනා මරණ 12 බැගින් වාර්තා වි තිබෙනවා. ඉරානයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 19 ක්.