ඌරුබොක්ක පොලිස් වසමේ ගින්නලිය ප්‍රදේශයේ පිහිටි රක්ෂිත භූමියක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ(24) දහවල් 12 ට පමණ මෙය සිදුව ඇත.

ඌරුබොක්ක පොලිස් ස්ථානයට තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් නිලධාරීන් , වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇත.

ගින්නෙන් රක්ෂිතයට හානි සිදුවී ඇති අතර ගින්න හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.