බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාර්ගයේ සේනානායක හන්දියේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(23) උදෑසන 7.35 ට පමණ මෙය සිදුව ඇත.

සේනානායක හන්දියේ දී හෝටර්න් හන්දිය දෙසට ධාවනය වු මෝටර් රථයක බොරැල්ල දෙසට ධාවනය වු යතුරු පැදියක් ගැටී මෙය සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී උදෑසන 10.50ට මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

බොරැල්ල පොලිසීය වැඩිදුර විමර්ශන පවත්වයි.