එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි ජනබලවේග සන්ධානය එළඹෙන මහ මැතිවරණයට හංසයා ලකුණින් තරග කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා තිබෙනවා.

ඒ, සඳහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස සහ නව සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර එක්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

හසංයා ලකුණ දැනට හිමි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ලේකම් ශර්මිලා පෙරේරා ද සාකච්ඡාවට එක්ව තිබෙනවා.

නව සන්ධානයට හංසයා ලකුණ ලබාදීමට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ එහිදී එකඟතාව පළ කර ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර ලකුණ සම්බන්ධයෙන් පවතින ගැටලූව එකමුතුව විසඳා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසනවා. නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව පැවසුවා.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය යනු සළකුණක් සොයා සිඟමනේ යා යුතු පක්ෂයක් නොවන බවයි.