දකුණු කොරියාවේ හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යුද, ගුවන් සහ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.

ඔවුන් තිදෙනාම දකුණු කොරියාවේ කොරෝනා වෛරස ආසාදිතයින් බහුලව වාර්තා වූ ඩේගු ප්‍රදේශයේ සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ වනවිට දකුණූ කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දෛනිකව ඉහළ යමින් පවතින අතර මේ වනවිට ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.