කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි එංගලන්ත ජාතිකයෙකු හා ඔස්ට්‍රෙලියන් ජාතිකයෙක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(20) රාත්‍රී 9.00ට පමණ මෙම විදේශිකයන් දෙදෙනා මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති එංගලන්ත ජාතිකයා මාතර, පොල්හේන වෙරළ මාර්ගයේ කොහුමෝල අසළදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 500ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මාතර, මඩිහ ප්‍රදේශයේ නවාතැන් පලකදී කේරළ ගංජා ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි  ඔස්ට්‍රෙලියානු ජාතිකයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 හා 23 යන වයස්වල පසුවන අය බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(21) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.