ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ඡන්ද සංඛ්‍යාව අවම වී ඇති නිසා ඔවුන්ව පොදුජන පෙරමුණ සමඟ බලෙන් රඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවසීය.

“ලංකාවේ පැවති යුද්ධයෙන් නිදහස ලබා රට අති ඉහළ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී.

ඒක පුද්ගල ආදායම ඉහල අගයක් වාර්තා කළා. රටේ ණය බරතාවය 71% දක්වා අඩු කිරීමට හැකිවුනා ඒවාගේම රැකියා විරහිත භාවය පෙරට වඩා අවම කිරීමට හැකි වුනා. විශේෂයෙන්ම කියන්න කැමතියි නවීන තාක්ෂණය යටතේ පරිගණක සාක්ෂරතාව අතින් ඉහළට ගෙන යාමට හැකිවුනා.

යටිතල පහසුකම් අධි වේගයෙන් සංවර්ධනය කර ජනතාවගේ සියලූම අවශ්‍යතා සපුරාලීමට අවස්ථාව උදාවුනා. ඒ ගැන ජනතාවගේ පැසසුමට පවා භාජනය වුනා.

පසුගිය රජයට මේ රට භාර දීමට පෙර පැවති තත්වයයි මේ. දැන් රටේ තත්වය ගැන මොහොතකට කල්පනා කරද්දී මෙයට වගකිව යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව බව පැහැදිලියි.

තවද, රටේ වත්මන් රජය විවිධ සැලසුම් සකස් කරමින් රට වැටී තිබෙන තත්වයෙන, වේගවත් සංවර්ධනයක් කරා ගෙන යන බව එතුමා වැඩිදුරටත් කියා සිටියා.“