ව්‍යාජ ජාතික හැඳුණුම්පත් සකස් කළ පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උපාය දූතයෙන් යොදවා පොලිසිය සිදු කළ වැටලීමකදී පුද්ගලයින් ලියාපදිංචි කිරිම් දෙපාර්තමේන්තු රථ ගාලේදි එක් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව අදාල සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 69 හැවිරිදි සහ 62 හැවිරිදි වැල්ලම්පිටිය සහ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අත්අඩංගුවටගත් සැකකරුවන් අද(20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මිරිහාන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.