පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තවාදි ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයක් වන තවුහීද් ජමාද් සංවිධානයේ සමාජික මොහොමඩ් ඉබ්‍රහීම් ත්‍රස්තයා පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

එහිදි මොහු ජනපති සම්මාන ලැබූ ව්‍යාපාරිකයෙක් බවත් 2014 සහ 2015 කාල සීමාවේ මෙරට වැඩිම විදේශ විනිමය ඉපැයූ ව්‍යාපාරිකයා බවත් සදහන්.

පසුගිය 2016 වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති අපනයන සම්මාන උළෙලේදි මොහොමඩ් ඉබ්‍රහීම් මෙලෙසින් සම්මානයට පාත්‍ර වී තිබේ.

ඉශානා එක්පෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඔහුගේ ව්‍යාපාරය වූ අතර ඔහු කර ඇත්තේ වියට්නාමයෙන් ගම්මිරිස් ආනයනය කර ඒවා මෙරට ගම්මිරිස් ලෙස හඟවා නැවත ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමකි.

2016 වසරේ පැවැති ජනපති සම්මාන උළෙලේදි ඔහු අදහස් දක්වා ඇත්තේ මෙලෙසින්.

“අපේ ප්‍රමුඛතාවය විය යුත්තේ දේශීය ගොවියන් නගා සිටුවීම මගින් රටේ ආර්ථිකය නැංවීමට දායක වීමයි .මේ සඳහා අපිට එකමුතු වී ජාති ආගම් භේද පසෙකලා වැඩ කළ යුතුයි. අපිට දැකගන්න පුළුවන් වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කරන ආකාරය. අපේ රටේ දේශපාලකයන් හොඳ අරමුණු ඇතුව වැඩ කරනවානම් මේ රට ඉතා ඉක්මනින් දියුණු කළ හැකියි. ඒ සඳහා අපි අල්ලස් හා දූෂණ සහ ඒකාධිපතිත්වයට තිත තැබිය යුතුයි. අපි හරි කැමතියි අපේ රට සංවර්ධනය වෙලා මෙවැනි සම්මාන උළෙලවල් මගින් අපිව තවත් දිරිමත් කරනවානම්.

අපි නෑ..බෑ කියන එකට තිත තියන්න ඕන. අපි එකිනෙකා රවටාගන්න හොඳ නැහැ. මොකද ඔබ එහෙම කලොත් ඔබට ඒ අනුව ඵල විපාක ලැබෙයි. පෙර රජයේ වැරදි තිබුනා. ඒ ගොල්ලෝ දේශීය අපනයනකරුවන්ට සහයෝගය ලබාදුන්නේ නැහැ”