පාස්කු ප්‍රහාරය එල්ල කළ නැෂනල් තවුහීද් ජමාද් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ නායක සහරාන් හෆීස් එම ප්‍රහාරයෙන් මිය ගිය බවට ආරක්ෂක අංශ සදහන් කරනවා.

මිය ගිය සහරාන් හෆීස් වෙනුවට එම ත්‍රස්ත සංවිධානයේ නායකත්වය ලබා ගැනීමට නවුෆර් නම් ඉස්ලාම් මවුලවිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකා රජයට අනතුරු අගවා තිබෙනවා. මේ බවට වාර්තා කරන්නේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත විසිනි.

මේ අනුව දෙවන වටයේ ත්‍රස්ත ප්‍රහාරයක් සුදානම් බවටද එම ප්‍රහාරයේ සියලූම මෙහෙයවීම් නවුෆර් නම් ඉස්ලාම් මවුලවිවරයා සිදු කරන බවටද ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකාවට අනතුරු අගවා තිබෙන බව එම වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වෙනවා.

නැෂනල් තවුහීද් ජමාද් ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව පුරා විසිරී සාමාන්‍ය ජනතාව සේ ජීවත් වන බවටත්, ඔවුන් ඕනෑම අවස්තාවක ප්‍රහාරයක් එල්ල කළ හැකි බවටත් අනතුරු ඇගවීම් නිකුත්ව තිබේ. තවද පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර මෙරටට පැමිණ ශ්‍රී ලංකාව පුරා සංචාරය කළ ඩුබායි ජාතිකයන් පිරිසක් පිළිබඳවද විදෙස් බුද්ධි අංශ පරීක්ෂණ අරඹා තිබේ. ඔවුන් I S ත්‍රස්තයන් බවට සැක කෙරෙයි.