පිපිරීම් සිදුව ඇති ස්ථාන වලට ඒකරාශී වීමෙන් වලකින්න ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට කොළඹ නගරයේ කතෝලික දේවස්ථාන දෙකකට සහ හෝටල් තුනක් ආශ්‍රීතව පිපිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 150 කට අධික සංඛ්‍යාවක තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මිට අමතරව මඩකලපුවේ පිහිටි දේවස්ථානයක් ආසන්නයේද පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.