සිය රජයේ වැඩපිළිවෙළ තවත් වසර 05ක් හෝ 06ක් කි‍්‍රයාත්මක කිරීමට හැකිනම් රටට සීග‍්‍ර සංවර්ධනයක් ළගා කර දිය හැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වීරවිල පැවැති 10වන යොවුන් පුරය සමාප්ති උළෙල අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ “2017 වසරේදී මේ වරාය ළඟ ගෙයක් කුලියට ගන්න මාසෙකට රුපියල් 5000ක්වත් ගියේ නෑ. අද 15000ක් ගෙවලත් ගන්න බෑ. තවත් වසර දෙකක් තුනක් වෙනකොට ඒක තවත් වැඩි වෙනවා. ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න නම් හොඳ ස්ථීර ආර්ථිකයක් තියෙන්න ඕනේ. ණය ගත්ත නම් ඒවා ගෙවන්නත් ශක්තිය තියෙන්නත් ඕනේ. වැඩියෙන්ම ණය ආපසු ගෙවන්නෙත් මේ අවුරුද්දේ.” යනුවෙනි.