මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719  කාලයට අයත් බවට  අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා පිරික්සද්දී පෙනී යයි.

බීටා ඇනලටික් ආයතනයෙන් එවා තිබූ කාබන් කාල නිර්ණය වාර්තා මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා  මහතා අද (7) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා ඒ බව දැනුම් දුන්නේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මන්නාරම සමූහ මිනීවලේ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදීය.

අස්ථි සාම්පල හයක් ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලද්දේ පසුගිය ජනවාරි මස 26 වැනි දා ය.