මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු වන ‘‘ජංගා’’ නමැත්තාගේ ඥාතියෙකු වන හමුදා සාමාජිකයෙකු ද අද (09) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගැනුණා. ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවසින් සොයා ගත් යුද හමුදා නිල ඇඳුම් අද අත්අඩංගුවට ගත්, සැකකරු විසින් ගෙන එන ලද ඒවා බවයි අනාවරණ වී ඇත්තේ. එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාතර ප‍්‍රදේශයට රැගෙනවිත් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ජංගා ගේ නිවසේ තිබී හමුදා නිළ ඇඳුම් 18ක්, ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන පතොරම් 26ක් සහ හිමිකරුවන් නොමැති යතුරුපැදි තුනක් පොලිසිය විසින් ඊයේ (08) සොයා ගනු ලැබුවා.

මාකඳුරේ මදුෂ් විසින් ලබා දුන් බව කියන ආයුද හැසිරවීම සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් පොත් දෙකක් සැකකාර හමුදා සාමාජිකයා සතුව තිබී සොයා ගැනුණු බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හමුදා සෙබලෙක් වන කටුපොලගේ කසුන් නම් හමුදා සාමාජිකයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.