KANDY, SRI LANKA- AUGUST 14 : Former Sri Lankan president and parliamentary candidate Mahinda Rajapaksa attends his party's final day of election campaign rally on August 14, 2015 in Kandy, Sri Lanka. Sri Lanka's Election Commission has scheduled the polls on August 17, 2015, after Sri Lankan President Maithripala Sirisena dissolved the parliament on June 26, 2015. (Photo by Buddhika Weerasinghe/Getty Images)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාපෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන උදිත් ලොකුබණ්ඩාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට මේ බව දැනුම්දී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයෙකු,අගමැතිවරයෙකු මෙන්ම වත්මන් විපක්ෂනායක ධුරයද දරන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා පත් යොමුකළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා නිදහස් උත්සවයට සහභාගි නොවන බවට ඔහුගේ පාර්ශ්වයසිදුකළ දැනුම්දීම පිළිගන්නා බවත්,රාජපක්ෂ මහතාට ආරාධනා නොකළ බවට පැවසෙන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්කමල් පත්මසිරි මහතා පැවසීය.

කෙසේනමුත් අප මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ,මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගිවන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ආරාධනයක් ලැබී තිබෙන බවත්,එම උත්සවයට සහභාගිවනවාද නැද්ද යන්න සම්බන්ධව විපක්ෂනායකවරයා මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත්ය.