අනුරාධපුර අටමස්ථාන ආශි‍්‍රතව තරුණයින් පිරිසක් අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලීසිය වෙත අද (22) පැමිණිල්ලක් කෙරුණා.

ඒ, ජනතා කි‍්‍රයාකාරී පෙරමුණ නමැති සංවිධානයක් විසින්.

එහි මහ ලේකම් සුරේෂ් කරුණාතිලක සඳහන් කළේ අද රටේ පවතින තත්ත්වය අනුව මෙවැනි කාරණයක් හිතාමතා සිදු කළාද යන්න පිළිබඳව සැකයක් පවතින බවයි. පසුගිය දින කිහිපයේදී බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධීන් සමග මෙහි බරපතල තත්ත්වයක් පැණ නැගෙන බැවින් පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවද පෙන්වා දෙනවා.

මිරිහාන පොලීසිය විසින් මෙම පැමිණිල්ල සිදු කළ පිරිසව වැඩිදුර තොරතුරු ලබා දීම සඳහා පුරාවිද්‍යා ආයතනයක් වෙත යොමු කෙරුණු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දාගැබක් මත නැගි ඡායාරූප ගත් සරසවි සිසුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විරෝධතාවයක් මේ වන විට පැන නැගි තිබෙනවා.

මෙලෙස ඡායාරූප ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති එක් අයෙකු තමන් සරසවි සිසුවෙක් බව හදුන්වා දී තිබුණා.

මෙලෙස අනුරාධපුරයේ පිහිටා තිබෙන පෞරාණික දාගැබක් මත නැගි ඡායාරූප ගත් පිරිස අතර අග්නිදිග සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසක්ද සිටින බවයි හෙළි වි ඇත්තේ.