ආන්දෝලනාත්මක නව ව්‍යවස්ථා යෝජනාවලියට ඇතුළත් බව කියන ‘ඔරුමිත්තනාඩු’ යන වචනය වෙනුවට ‘ඒකීය’ යන වචනය යෙදීමට දෙමළ ජාතික සන්ධානය එකඟතාව පළ කර තිබෙනවා.

මාධ්‍ය කල විමසීමකට අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඒ බව තහවුරු කල බව මාධ්‍ය වාර්ථා අනාවරණය කර තිබුනා. ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථා යෝජනාවලියේ සිංහල, ඉංග‍්‍රීසි සහ දමිළ යන පිටපත් තුනේම ඒකීය යන වචනය පමණක් යොදා ගන්නා බවයි.

මේ වනවිට ව්‍යවස්ථාවක් පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවත් ඇත්තේ යෝජනාවලියක් පමණක් බවත් අමාත්‍යවරයා යළි තහවුරු කළා.

සියලූදෙනාටම එකඟ විය හැකි යෝජනාවලියක් සකස් කිරීම ආණ්ඩුවේ අරමුණ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.