සංචාරක අයර්ලන්ත ඒ කණ්ඩායම සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 60 ක ජයක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම අද (19) සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 5 ක් දැවී ලකුණු 365 ක් රැස් කළා.

ආරම්භක පිතිකරු අවිෂ්ක ප‍්‍රනාන්දු පන්දු 120 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 128 ක්. ඒ, හතරේ පහර 11 ක් සහ හයේ පහර 5 ක් සමගයි. උපුල් තරංග ලකුණු 66 ක් රැස් කළා. අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධන විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කරමින් පන්දු 75 කදී ලකුණු 111 ක් රැස් කළා. ඒ හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගයි. අයර්ලන්තයට එරෙහි තුන්දින තරගාවලියේ පළමු තරගයේදීද මිලින්ද සිරිවර්ධන ශතකයක් රැස් කළා.

ශී‍්‍ර ලංකා පිල ලබාදුන් ලකුණු 366 ක ඉලක්කය හඹා ගිය අයර්ලන්ත ඒ කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු දෙකකදී සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 305 ක් පමණයි. ලෝකන් ටකර් ලකුණු 109 ක් රැස් කළා. තරගය පැවැත්වුණේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදියි.