alastair-cook-angelo-mathews

එක්දින තරගාවලි ජය ලංකාවට/sri lanka win the one day series.

අවසන් එක්දින තරගය කඩුලු 6කින් ජය ගණිමින් තරගාවලිය ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන 5වන හා අවසන් එක්දින තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනාම දැවී පන්දුවාර 48 යි පන්දු 1ක් තුළ ලකුණු 219 ක් රැස්කර ගත්තා.

මෙහිදී ඇලෙස්ටයාර් කුක් ලකුණු 56 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 50 ට කඩුළු 3ක්ද, අජන්ත මෙන්ඩිස් ලකුණු 50 ට කඩුළු 2ක්ද බිඳ හෙළීමට සමත්විය.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතා හොද ආරම්භයක් ලබාගත් ඩිල්ෂාන් සහ කුසල් පලමු කඩුල්ල සදහා ලකුණු 55ක් එක් කිරිමට සමත් විය.ඒ පන්දුවාර හතයි පන්දු දෙකකදිය. ඩිල්ෂාන් ලකුණු 28ක්ද,කුසල් 19ක්ද,මහේල 53ක්ද,තිරිමාන්න 60ක්ද,මැතිව්ස් 42ක්ද ලබා ගනිමින් ජය තහවුරු කිරිමට සමත් විය.තරගයේ විරයා ලහිරු තිරිමාන්නයි.තරගාවලියේ විරයා ලසිත් මලිංගයි.

Sri Lanka win by six wickets and seal the ODI series 3-2! A clinical chase from Sri Lanka.
SL 222/4 in 48 .2 ov( Thirimanne 60, Mahela 53, Mathews 42) v Eng 219.With this famous victory, Sri Lanka surge to 2nd place on the ICC ODI rankings.Sri Lanka vice-captain Lahiru Thirimanne is the Man of the Match for his unbeaten 60.Lasith Malinga is the Man for the Series for his 7 wickets.