ති‍්‍රපිටකය ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාතලේ ඓතිහාසික අලූවිහාරයේදි අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ජනාධිපති මෙතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදු දහම ලෝකවාසී ජනතාවටත්, මතු පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහාසංඝරත්නයේ උපෙදස් සහ මග පෙන්වීම යටතේ ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරෙනවා.

ඊට පූජෝපහාරයක් ලෙස අද දිනයේ සෑම රාජ්‍ය ආයතනයකම විහාරස්ථානයකම හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප‍්‍රදර්ශනය කරන ලෙසයි රජය ඉල්ලා සිටින්නේ.

මෙම කටයුත්තේ ජාතික හා ශාසනික වශයෙන් ඇති වැදගත්කම පිළිබඳ පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ මෙලෙස අදහස් පළ කළා.