සුපිරි වෙළදසැලක් ඊයේ (31) රාති‍්‍රයේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියක්ද රැගෙන විත් කොල්ලකා තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා එහි සිටි සේවකයන් සහ පාරිභෝගිකයින් බියගන්වා සුපිරි වෙළද සැලේ තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කොල්ලකන ලද මුදල මෙතෙක් ගනන් බලා නොමැති අතර සුපිරි වෙළද සැල තුළ තිබූ ආරක්‍ෂිත කැමරා ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

ගාල්ල, කහදුවවත්ත ප‍්‍රදේශයේ පිහිටි සුපිරි වෙළදසැලක මෙම කොල්ලය සිදුව තිබෙනවා