නව වර්ෂයේ පළමු පාසල් වාරය හෙට (02දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම වර්ෂයේ (2019) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට (02දා) දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.

මේ දිනවල පැතිරයන ඩෙංගු උණෙන් ආරක්ෂා වීම සඳහා පසුගිය සති අන්තයේදී පාසල්වල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම් සහ පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.