රුපියල් කෝටි 7ක චෙක් වංචාවක සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එස්. කුහවර්ධන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්කරන බව එම පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා ඊයේ (26දා) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩගුවට ගනු ලැබීය. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන මනෝ ගනේෂන් මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂයේ නායකයන් රැස්වීමට නියමිත බවයි.