ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණි මන්ත්‍රීවරුන් කිසිදු හේතුවක් නිසාවත් නැවත ශ්‍රීලනිපයට නොයන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොරොන්දු වී ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි පිරිස මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සිටිනු ඇති බවත්, ඔවුන් විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට තමාට දන්වා තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් ලබාදුන් පමණින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබානොදෙන බවත්,පොදුජන පෙරමුණේ විධායක සභාව සාකච්ඡා කර සාමාජිකත්වය ලබාදීම සිදුකරන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.