එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු බලවේග ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් ඒකරාශි කිරීමට ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන යුතුකම රැළියේ අදහස් දක්මින් අගමැතිවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා ,

ගින්දරට මුහුණදෙන්නේ තාත්චිය . ගින්දර මැද ඉන්නේ ආප්පේ නෙවෙයි තාච්චිය. ගින්න නිවන්න අපි දැම්මේ ජනතා පරමාධිපත්‍ය නැමැති ජලය. ජනතා පරමාධිපත්‍ය නැතිකරන්න අපි කවුරැත් සුදානම් නැහැ. අපි එය ආරක්ෂා කරන්න ස්වාධින අධිකරණයක් දැම්මා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් දැම්මා. ඒකයි අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් වුණේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු ඇති කරද්දි මට මතක් වුණේ හිට්ලර්ව. මොකද හිට්ලර්ටත් තිබුණේ සුළුතර ආණ්ඩුවක්. හිට්ලරුත් ලෝක යුද්ධෙන් පස්සේ ජීවත් වුනානම් කියන්නේ මට ඕන වුණේ මහ මැතිවරණයක් විතරයි කියලයි.

පාර්ලිමේන්තු ගිහින් මේ මිනිස්සු මොකද කළේ. ප්‍රජාත්‍රන්ත්‍රවාදය මිරිස්කුඩු බවට පත් කළා. මේ මිනිස්සු තියන්න ඕන පාර්ලිමේන්තුවේද කුස්සියේද කියලා මම අහන්න කැමතියි.

19 සංශෝධනයේ සුද්ධ සිංහලෙන් තිබෙනවා අවුරුදු හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ඕන. ඒකට මේ හැමෝම ඡන්දෙ දුන්නා. දැන් මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ.

මහින්දලාට ඔච්චර උවමනා උනානම් ඡන්දයක් ගන්න ඇයි ආණ්ඩුවක් ගත්තේ. පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේනන් තිබුණනේ.

අපි හැම පක්ෂයෙන්ම අහන්න යනවා මැතිවරණය ඔන කොයිකාලයේදීද කියලා. ව්‍යවස්ථාව කඩලා ව්‍යව්සථාව ක්‍රියාත්මක කරන්න බැහැ. දැන් රට බෙදන කතාව කියනවා. අවුරැදු 20 ක් 30 ක් ඔය කතාව කිව්වනේ.

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මම කියන්නේ අපිට සංහිදියාව උවමනයි අපිට දේශපාලන විසදුමක් උවනමයි . අපි මේ හැමදෙයක්ම කරන්නේ ඒකීය රාජයක් කියන සංකල්පය තුළ සිටම පමණයි. ඒකෙන් අපි වෙනස් වෙන්සේ නැහැ කියලා මම පැහැදිලිවම කියනවා.

පාර්ලිමේන්තු ඡන්දයේදී අපිට තුනෙන් දෙකක ඡන්දයක් දෙන්න කියලා මම කියනවා. අපි තනියම තුනෙන් දෙකක් හදාගෙන විධායක ජනාධිපතිකම අහෝසිකරනවා කියලා කියන්න කැමතියි. නිදහස් සමාජයේ ඉතිරි වැඩ කටයුතු කරන්න අපිට ඒක ලබලා දෙන්න කියලා මම කියන්න කැමකියි. එක්සත් ජාතික පෙරමුණ අළුත් පෙරමුණත් විදිහට ලියාපදිංචිකරනවා. ඒතමයි ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණ . ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් මේ සමග හැමෝම එකතුවෙයි කියලා මම හිතනවා.

මේ අතර තමන්ට දස වතාවක් අගමැතිකම ලබාගන්නා ලෙස ආරාධනා ලැබුණ බවත් කථානායක කරු ජයසූරිය මහතාට 14 වතාවක් අගමැතිකම භාර ගන්නා ලෙස අරාධනා ලැබුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ සටන ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

” මම 10 වතාවක් එපා කිව්වා. කතානායකතුමා 14 වතාවක් එපා කිව්වා. මට ආත්ම ගරුත්වය වටිනවා. මට මගේ පියා වටිනවා. මගේ මව වටිනවා. නතතුරකට යන්නේ ජනතාවගේ කර පිටින්