එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  ජනපති ලේකම් කාර්යාලයේදි නව අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය.‌ ‌මෙරව ඔහු අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ පස්වැනි අවස්ථාවටය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) පෙරවරු 11.16ට එළැඹි සුබ මොහොතින් නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දීම සිදු කර තිබෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන පස් වන අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.