England-vs-Srilanka-t20-match-images

Jos Buttler produced arguably England’s greatest one-day innings – his first ODI hundred, the fastest for the country and the fastest at Lord’s – but Sri Lanka clung on to level the series in a contest that became gripping during the latter stages of the chase.

Buttler’s 61-ball century, eclipsing the 69-ball record of Kevin Pietersen at East London, brought England’s requirement down to 12 off the final over but Lasith Malinga held his nerve as Chris Jordan holed out and Buttler was run out for 121 off 74 with two balls of the innings remaining.

Sangakkara and Tillakaratne Dilshan added 172 for the second wicket – Sri Lanka’s third best stand for that wicket in ODIs – to form the backbone of the total. Although England fought back in the final 10 overs, a final-ball boundary by Mendis enabled Sri Lanka to cross the psychological 300 marker: England had only ever chased down more than 300 twice in their ODI history.

ජොස් බට්ලර් එංගලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල දැමුවද, ලසිත් මාලිංග ශ්‍රී ලංකා බලාපොරොත්තු මුදුන්පත් කරමින් එංගලන්තයට එරෙහි සිව්වැනි එක්දින තරඟයේදී ශ්‍රී ලංකාවට ලකුණු 7ක තියුණු ජයක් අත්කර දිමට සමත් විය.

ශ්‍රී ලංකා එංගලන්ත සිව්වැනි එක්දින තරඟයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව කඩුලු 9ට ලකුණු 300ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 112ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 71ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල සඳහා ලකුණු 172ක සබඳතාවයක් පිහිටුවීය.
සංගක්කාර අද ලබාගත්තේ සිය 19 වැනි ශතකය ද වේ.එය ලොර්ඩ්ස් පිට්යේදි ලබාගත් ඔහුගේ පලමු ශතකයයි.
කෙසේ වෙතත් සෙසු පිතිකරුවන්ට පිටියේ සාර්ථකවීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර ඇන්ජලෝ මැතිව්ස් ලබාගත් ලකුණු 30 හැරුණු විට සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය.
පන්දු යැවීමේදී හැරි ගර්නි ලකුණු 55ට කඩුලු 4ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ඇරඹු එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 111ක් තුළ දැවීයාමෙන් පසු පිටියේ එක්වූ ජොස් බට්ලර් හා රවී බොපාරා ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වෙමින් 6 වැනි කඩුල්ල සඳහා පන්දුවාර 16.2කදී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වූහ.

අනතුරුව ද නොනැවතුණු බට්ලර් සිය කුළුදුල් ශතකය ලබා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටි අතර අවසන් පන්දුවාරයේදී ලසිත් මාලිංගගේ පන්දුවකට පහරක් එල්ල කර දුවද්දී දැවී ගියේ පන්දු 74කදී ලකුණු 121ක් ලබා ගනිමිනි.
එම ලකුණු සංඛ්‍යාවට 6 පහර 4ක් හා 4 පහර 11ක් අන්තර් ගත විය.
අවසන් පන්දුවාරයේදී එංගලන්තයට මෙම තරඟය ජය ගැනීමට ලකුණු 12ක් ලබා ගැනීමට තිබූ නමුත් මාලිංග එම පන්දුවාරයේදී ලබාදුන්නේ ලකුණු 4ක් පමණි.
එම පන්දුවාරයේදී කඩුලු 2ක්ද දවා ගැනීමට ඔහු සමත් විය.
ඒ අනූව තරඟය අවසානයේදී එංගලන්ත ලකුණු පුවරුව පන්දුවාර 50දී කඩුලු 8ට ලකුණු 293ක් ලෙස සටහන් වී තිබුණි.
ලසිත් මාලිංග පන්දුවෙන් දස්කම් දක්වමින් පන්දුවාර 10 නිමකළේ ලකුණු 52ට කඩුලු 3ක් බිඳ හෙළමිනි.
තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරඟාවලිය දෙපාර්ශවය දෙකට දෙකක් ලෙස පසු වන අතර අවසන් තරඟය ලබන 3දා පැවැත්වීමට නියමිතය.