ගිනි අවි, සජීවී පතුරම් හා හොරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාංශය සඳහන් කරයි.

කලුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයට ලැබුණ තොරතුරුක් අනුව අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මුලින්ම සැකකරු ගමන් ගත් මෝටර් රථය පරීක්ෂා කරමින් එහි තිබී ගෝන මස් තොගයක් අත්අඩංගුවට ගෙන අතර වැඩිදුර පරීක්ෂණ කිරීමේදී ජීව උණ්ඩ දෙකක් සොයාගෙන ඇත.

පසුව පොලීසිය සැකකරුගේ නිවස පදිංචි කර ඇති අතර එහිදී මෙම අවි ආයුධ සොයාගෙන ඇත. අවුරුදු 40ක් වන බේරුවල  පදිංචි මොහොමඩ් ජෝෆර් අබ්දුල් නාදීර් යම නමින් හැඳින්වෙන්නෙකි.

ආයුධවලට අමතරව සැකකරු සන්තයෙක් තිබී හොරොයින් මිලි ග්‍රෑම් 40ක්ද සොයාගෙන ඇත. අවි ආයුධ ළග තබා ගැනීමට හේතු හා එම අවි ආයුධ යොදාගනිමින් කළ ක්‍රියාවන් පිළිබඳව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, කොටඨාස භාර පොලිස් අධිකාරී, ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී යටතේ පරීක්ෂණ පවත්වයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරුද අත්අඩංගුවට ගෙන ඇත.

සොයාගන්නා ලද අවි ආයුධ

මිනි උෂි වර්ගයේ අවි 01

පතොරොම් තුවක්කු 6ක් හා එම අවිවලට යොදන සජීවී පතොරොම් 106

0.25 වර්ගයේ අවි 1ක් හා එම අවි වලට යොදාන සජීවී පතොරොම් 800ක්

වායු රයිෆල් 02

දුනු විදින තුවක්කු එකක් හා අවි ආයුධ කිහිපයක්.