ඉදිරි මහමැතිවරණයකදී තමන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට සූදානම් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“මගේ දේශපාලනය රාජපක්ෂලා එකතු වෙලා නැති කළා. මට නාමයෝජනා දුන්නේ නෑ.. මම එකෙක් පස්සේ ගියේ නෑ. ඒක නිසා මම එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන ඕනම තැනකින් මම ඡන්දේ ඉල්ලනවා.”