ඕනෑම ගැටලූවක් සාමකාමීව විසඳා ගැනීමට ආධ්‍යාත්මික වශයෙන් කටයුතු කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසනවා.

කාදිනල්තුමන් මේ බව සඳහන් කළේ මෙරට පිහිටි පලස්තීන තානාපති කාර්යාලයේ පැවැති නත්තල් උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

අධ්‍යාත්මික කටයුතු හරහා රට තුළ සාමය සහ සහජීවනය ස්ථාපිත වනු ඇති බවයි කාදිනල්තුමන් වැඩිදුරටත් පැවසුවේ.