රුපියල් බිලියන 2.77කට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. බේරුවල හා බලපිටිය අතර මුදුහු සීමාවේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එය මෙරටින් අත්අඩංගුවට ගත් දෙවැනි විශාලම හෙරොයින් තොගය ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි. සැකකරුවන් දෙදෙනෙක්ද පොලීසිිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.