මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඇමති මණ්ඩලයට බලෙන් සිය තනතුරුවල රැඳී සිටීම අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතාට හෝ රජයට විරුද්ධව නීත්‍යානුකූලව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එයට මුහුණ දීමට සූදානම් බවත් එහි ප්‍රතිඵලය කුමක් වුවත් භාර ගැනීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

එසේම එක්සත් ජාතික පක්ෂය ජාත්‍යන්තර සමග එක්වී රට පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.