ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නැවතවරක් එළැඹෙන 02 දා (හෙට) සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබේ. මෙම සාකච්ඡාවට මත්තෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතරද සාකච්ඡාවක් පැවැත්වීය.