පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා. එහිදී අද රැස්වන පාර්ලිමේන්තු සැසියේ න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති.

කෙසේවෙතත් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයකයින් බොහෝ විට අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගි නොවනු ඇති බවයි.

ආරවුල් සහගත කරුණු ඉදිරිපත් කරන්නේද, ආන්ඩු පක්ෂය පිළිගන්නේද ආදී කරුණු මත එය රැඳී පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ සාකච්ඡාවක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. බොහෝ විට එම සාකච්ඡාවේදී අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හා පාර්ලිමේන්තු සැසියට ආණ්ඩු පක්ෂ මන්ති‍්‍රවරු එක්වනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ